ක්‍රීඩා

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද

ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

 

තරගය අද උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිත ව තිබේ.

 

ඊයේ පැවති අවසන් පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා එක් ව සිටියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණි.

 

එම ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ආබාධයකට ලක් ව සිටි ශ්‍රී ලංකා නිත්‍ය එක්දින නායක දසුන් ශානක ද සිටීම විශේෂත්වයකි.

 

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මේ දක්වා සහභාගි වූ තරග තුනේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විණි.

 

නෙදර්ලන්තය මේ දක්වා සහභාගි වූ තරග 03න් දෙකක් පරාජයට පත්වූ අතර, ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහි ව පෙරළිකාර ජයක් ලැබීය.

 

ශ්‍රි ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ලෝක කුසලානයක දී එකිනෙකා හමු වන පළමු අවස්ථාව මෙයයි.

Related posts

ඇෆ්ගන් ක්‍රිකට්වලටත් තලෙබාන් මැදිහත් වෙයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

Mohamed Dilsad

ඉන්දියාව පරදා එංගලන්තයට ජය

Mohamed Dilsad

Leave a Comment