දේශීය

උතුරු නැගෙනහිර හර්තාල්

උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා තිබේ.

 

දෙමළ දේශපාලන පක්ෂ 07 විසින් ඒකබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම හර්තාල ව්‍යාපාරය දියත් කර ඇති බව වාර්තා වෙයි.

 

මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකය.

 

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීමට සහ මඩකලපුව,මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය කැඳවා තිබේ.

 

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් පාසල් දරුවන් වෙනුවෙන් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් සාමාන්‍ය පරිදි පාසල් පැමිණි බව වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

 

රාජ්‍ය ආයතනද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකය.

 

හර්තාලය හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ කඩ සාප්පු වසා තිබුණද අනෙකුත් සියපු සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අයුරු දැකගැනීමට හැකිවිය.

Related posts

PCR පරීක්ෂණ ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශයෙන් පියවර

Mohamed Dilsad

අද පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

Leave a Comment