දේශීය

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගැන ඇමති නිමල් සිරිපාල ගෙන් හෙළිදරව්වක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ව්‍යාපාරික සහකරුවෙක් සොයාගැනීමට නොහැකි වුවහොත් ගුවන්සේවයේ මෙහෙයුම් නවතා දැමීමට සිදුවිය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දෙරණ 24 නාලිකාවේ “State of the Nation” වැඩසටහන සමග එක්වෙමිනි.

 

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම දිගටම පාඩු ලැබීම දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් එම සමාගමේ කොටස් 49% වෙනත් පාර්ශ්වයකට ලබාදී එය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ය.

 

“අපි ණයේ ගිලිලා ඉන්නේ. එය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක්”.

 

Related posts

මහියංගණයේ – ගිරාදුරුකෝට්ටේ නගරවල සියලු කඩ සාප්පු වසා දමයි

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

Mohamed Dilsad

සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට පැනවූ අතුරු තහනම දීර්ඝ කෙරේ

Editor O

Leave a Comment