දේශීය

රෝගීන් රවටා සිදුකළ දැවැන්ත වංචාව

පෞද්ගලික රෝහලක සිදුවූ දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

2022.01.01 සිට 2023.05.10 වනදා දක්වා කාලය තුළ මෙම වංචාව සිදුකර ඇති බව හෙළිවී ඇත.

 

අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට හිමිවිය යුතු වට්ටම් මුදල ලබාදුන් බවට ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර රුපියල් 10,904,208ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියක් ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ත් 54ත් අතර වයස්වල පසුවන පන්නිපිටිය, නිට්ටඹුව හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් සහ රාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකාරියකි.

 

ඔවුන්ව අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආනයනික කිරිපිටි මිල ඉහළ ට

Editor O

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

ලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්

Editor O

Leave a Comment