දේශීය

බහින්බස්වීමක් ඝාතනයකින් කෙළවර වෙයි

බදුල්ල එගොඩවෙල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

 

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ 43 හැවිරිදි ගල්කොටුවේගම දඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පවසයි.

 

මෙම ආරවුල සමථයකට පත් කිරීමට උත්සාහ කිරීමේදී කාන්තාව සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මරණකරුගේ සහෝදරයා සහ සහෝදරයාගේ බිරිඳ එලෙස තුවාල ලබා ඇති බවය.

 

තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයට දීමේ සූදානමක්

Editor O

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment