දේශීය

ව්‍යාපාරිකයා සඟවා ගෙන සිටි රන් බිස්කට්, වටිනාකම කෝටි 2.7ක්

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනාකමක් ඇති රන් බිස්කට් 14ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයෙක් ව ඊයේ (27) කටුනායක ගුවන්තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු 42 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

 

ඊයේ සවස ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබුණි.

 

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කිහිපයක් ලෝහ අනාවරක (Metal Detector) යොදාගනිමින් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 314 ක් බරැති රන් බිස්කට් හමුවිය.

 

පසුව මෙම ව්‍යාපාරිකයා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු 31 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

 

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ඉන්දියානු කලාකරුවන් පිරිසක් ලංකාවට

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment