දේශීය

20 හැවිරිදි වෙඩික්කරු සියල්ල වමාරයි

කෙසෙල්වත්තේ මාටින් පෙදෙසේදී පසුගිය 30 වනදා “පොඩි කවී” නමැත්තා ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ පොලීසිය පරිහරණය කරන ගිනි අවියකට සමාන අවියක් බවට පොලීසිය සැක පළකරයි.

 

ඒ, අදාළ වෙඩිතැබීම සිදුකළ 20 හැවිරිදි තරුණයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරන ගත් කරුණු අනුවය.

 

ජීව උණ්ඩ 20ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ ගිනිඅවිය පොලීසිය විසින් කඩවත ප්‍රදේශයේ නිවසක් පසුපස වළදමා තිබියදී සොයාගෙන ඇත.

 

එම ගිනිඅවියේ රහස් අංකය මකා ඇති බව ද පොලීසිය පැවසීය.

 

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද පොලිසිය සොයාගෙන තිබේ.

 

එම ගිනිඅවිය ගනේමුල්ලේ සංජීව නැමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

Related posts

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනාගතය ගැන මහාචාර්යයවරයෙක් අදහස් පළ කරයි.

Editor O

රජයට ලක්ෂ 11ක් පාඩු කළ චෝදනා : ජෝස්ටන් ට ඇප

Mohamed Dilsad

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

Editor O

Leave a Comment