දේශීය

ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරිවරයෙක් අත්අඩංගුවට

පාසලකට ළමුන් ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරීවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ෂණ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී දෙයියන්නේවෙල වසම භාර ග්‍රාම නිලධාරීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

අධ්‍යාපන අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරයෙකුගේ නිල නාමය, තනතුර හා අමාත්‍යාංශ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ ලේඛන සකස් කර මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර වංචාවක් සිදුකර ඇති බවට අදාළ පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් වී තිබු බව සඳහන්ය.

 

ඒ අනුව ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ග්‍රාමසේවා සහතික නිකුත් කර ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ඊට අධාර අනුබල ලබා දුන් බවට එම ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

45 හැවිරිදි මහනුවර ධර්මාශෝක මාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

සුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්න

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 87දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment