දේශීය

ගුටි කෙළිය බේරන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

බෙන්තොට පොලිස් වසමේ ඊයේ (13) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක්ට පහරදීමක් සිදුව තිබේ.

 

අද (14) අලුයම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත්කිරීමට යෑමේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇත.

 

පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් සිව්දෙනා බෙන්තොට ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

 

පහරදීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

Related posts

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

Mohamed Dilsad

ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නවා – ජනාධිපති

Editor O

Leave a Comment