දේශීය

ගුටි කෙළිය බේරන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

බෙන්තොට පොලිස් වසමේ ඊයේ (13) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක්ට පහරදීමක් සිදුව තිබේ.

 

අද (14) අලුයම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත්කිරීමට යෑමේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇත.

 

පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් සිව්දෙනා බෙන්තොට ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

 

පහරදීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

Related posts

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට විශේෂ ගැසට් නිවේදන

Mohamed Dilsad

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ නඩු තීන්දුව කල්යයි

Editor O

Leave a Comment