දේශීය

තවත් මෝටර් රථයක් කොල්ලකයි

පුද්ගයෙකුට පහරදී මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කිරිඳිවැල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඊයේ (13) කිරිඳිවැල, බෝගහවත්ත හන්දිය ආසන්නයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් මෝටර් රථයක මඟ හරස්කර නවතා එහි සිටි රියදුරුට පහර දී මෝටර් රථය පැහැරගෙන ගොස් තිබේ.

 

ඒ අනුව කිරිඳිවැල පොලීසිය විසින් සිදුකළ විමර්ශන මත අදාළ කොල්ලකන ලද මෝටර් රථය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 29 වයස්වල පසුවන රඳාවාන හා විලිබුලහේනේගම ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් තිදෙනෙකි.

 

සැකකරුවන් අද (14) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සොරකම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරිඳිවැල පොලීසිය විසින් සිදුකරයි.

 

 

Related posts

භාණ්ඩ කිහිපයකට ළඟදීම පාලන මිලක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟය අද

Editor O

අනුර ඇතුළු මාලිමාවේ නියෝජිතයින්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment