දේශීය

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

ලණුවකින් ගෙල සිරවී වයස අවුරුදු 09ක දැරියක් සැකසහිත ලෙස මියගොස් තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පදිංචි ශලනි රිතුෂා නමැති 09 හැවිරිදි දැරියකි.

 

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පළමු දියණිය වන ශලනි හලාවත, අඹකඳවිල සාන්ත රෝගුස් විද්‍යාලයේ 04 වන වසරේ ඉගෙනුම ලැබූ දැරියකි.

 

එම දැරිය නිවසේ කාමරයක එල්ලී සිටියදී මුලින්ම දැක තිබුණේ අසල්වැසි නිවසක දැරියක් විසිනි.

 

අසල්වැසි නිවසේ සිටි දියණිය දැක තිබුණේ ශලනිගේ ගෙලහි තංගුස් වර්ගයේ ලණුවක් පැටලී තිබූ අයුරුය.

 

පසුව එම දියණිය ඒ පිළිබඳව ශලනිගේ පියාට දැනුම්දී ඇත.

 

ශලනිගේ මව මීට වසර එකහමාරකට පමණ පෙර කුවේට් බලා ගොස් ඇත්තේ ආර්ථික පීඩනය හමුවේ ජීවත්වීමට ඇති අපහසුතා නිසාවෙනි.

 

හලාවත, ඉරණවිල ප්‍රදේශයෙන් වාර්තා වූ එම දැරියකගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණය අද (12) පෙරවරුවේ සිදු කෙරුණි.

 

මේ අතර අද පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුණි.

 

මෙය ඝාතනයක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Related posts

අවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ

Editor O

කොරෝනා ආසාදිතව මිය යන්නන් ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම ජුලි 13

Mohamed Dilsad

සරසවි කලා සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment