විදෙස්

බංග්ලාදේශ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට මරණ දඩුවම

2014 වසරේදී සිදු කරන ලද දේශපාලන පළිගැනීම් හා සම්බන්ධ ඝාතන හතකට වරදකරුවන් වූ පුද්ගලයන් විසිහය දෙනෙකුට බංග්ලාදේශ අධිකරණයක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබීය.

මරණ දඬුවමට යටත් කළ පිරිසෙන් වැඩි දෙනෙක් බංග්ලාදේශ පොලිසියේ ප්‍රභූ ආරක්ෂක ඒකකයක සාමාජිකයෝ වෙති.

බංගලාදේශයේ මධ්‍යම කලාපයේ පිහිටි නාරායන්ගන්ජ් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ආසන්නයේදී පැහැර ගනු ලැබූ පුද්ගලයින් හත් දෙනෙකු පසුව ඝාතනය කොට තිබේ.

දින තුනකට පසු ඔවුන්ගේ මළ සිරුරු ගංගාවක තිබී සොයා ගනු ලැබිණි.

පළාත් පාලන ආයතනයක බල අරගලයක් ඝාතනවලට හේතු වී ඇති අතර සිය ප්‍රතිවාදියා ඝාතනය කිරීමට එක් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් පොලිස් ප්‍රභූ ආරක්ෂක ඒකකයට මුදල් ගෙවා තිබේ.

 

Related posts

අයහපත් කාලගුණයෙන් 94ට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

සජීවි විකාශයක් අතරතුර මියගියා යැයි කී පාකිස්ථාන් නිවේදිකාව තවමත් ජීවතුන් අතර

Mohamed Dilsad

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

Mohamed Dilsad

Leave a Comment