දේශීය

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු තවදුරටත්

මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා තිබේ.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවය.

 

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණි.

 

කෙසේවෙතත් ඊයේ දිනයේ අදාළ පත් කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදු නොවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් – ඇමෙරිකා⁣ ජනාධිපති

Editor O

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment