දේශීය

අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමුකළ යෝජනාවකට එලෙස අනුමැතිය හිමිව ඇත.

 

ඒ අනුව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මුලික වටයේ දී ප්‍රතිලාභීන් 1,792,265ක් තෝරාගෙන ඇති අතර, ඒ අතරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 1,588,835ක් සඳහා ගෙවීම් කිරීමට නියමිතය.

 

ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84,374 දෙනෙකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩය යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර ඇත.

 

තෝරාගනු ලැබු ප්‍රතිලාභීන් අතුරින් 119,056 දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීමට ද මෙහිදී තීරණය වී තිබේ.

 

වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයඳුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භූක්ති විඳින 393,097ක් අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචනය සම්පුර්ණය අවසන් වන තෙක් ඔවුන්ට සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීමට නියමිතය.

 

ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

දැනට ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමි වනු ඇත.

Related posts

හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

Mohamed Dilsad

Leave a Comment