ක්‍රීඩාදේශීය

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

අද (30) ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

 

තරගයේ කාසිය වැසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය.

 

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ Towhid Hridoy පන්දු 39කට ලකුණු 54 ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

 

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කලම්බෝ ස්ට්‍රයිකර්ස් කන්ඩායම පන්දුවර 19යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණි.

 

කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34කට ලකුණු 58ක් රැස් කළේය.

 

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විය.

Related posts

කොළඹ නගර සභාවේ බලය තීන්දු කරන දිනය මෙන්න

Editor O

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට නිවාස ගැන තීරණයක්

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනය සියයට 3යි -PUCSL

Mohamed Dilsad

Leave a Comment