ප්‍රමුඛ පුවත 1

අකුරැස්සේ බස් රථ අනතුරෙන් 52 කුට තුවාල

(උදයම්,කොළඹ)  – අකුරැස්ස ,කියාඩුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 52 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද පෙරවරුවේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවූ 6 දෙනෙකු මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතර කාන්තාවන් 31 ක් සහ පිරිමි පුද්ගලයන් 21 දෙනෙකු වන බව පොලිසිය සඳහන් කරයි.

බස් රථ දෙකෙහි රියදුරන් ද ඒ අතර වෙති.බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

Mohamed Dilsad

මොණරාගලදී ගැටුණු චීන ජාතිකයෝ

Mohamed Dilsad

අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වෙයි.

Mohamed Dilsad

Leave a Comment