දේශීය

කෝටි තුනකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නිවාස සාදා දෙන බවට පවසා මුදල් ලබාගෙන රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ විශේෂ විමර්ශන අංශය සහ මාලබේ පොලිස් ස්ථානය වෙත ලද පැමිණිලි 26ක් සම්බන්ධයෙන් මිරිහාන අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

 

සැකකරු විසින් මාලබේ ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් නිවාස සාදා දෙන බවට පවසමින් පුද්ගලයින්ගේ රුපියල් 34,375,000ක මුදලක් වංචා කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් දිවයිනට

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක් [RELEASE]

Mohamed Dilsad

රාජිත අධිකරණයට පැමිණේ

Editor O

Leave a Comment