දේශීය

ඇස්ප්‍රින් ඖෂධ කාණ්ඩ 2ක් භාවිතයෙන් ඉවතට

මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

 

රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබිණි.

 

එහිදී අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හදුනාගෙන ඇති බව වාර්තා වී ඇත.

 

ඒ අනුව අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

 

කෙසේවෙතත් අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවත් ප්‍රමාණවත් තරම් ඖෂධ රෝහල් තුළ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කරයි.

 

මේ අතර, වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ ප්‍රතිකාර සදහා භාවිත කරන ඒ.වී ෆිස්ටුලා නැමැති විශේෂ කැනියුලා වර්ගයේ ප්‍රමිතියෙන් තොර කොටසක් භාවිතයෙන් ඉවත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 

අදාළ කැනියුලා වර්ගයේ කාණ්ඩ කිහිපයක කාන්දුවීම් පවතින බවට හඳුනා ගැනීමත් සමඟ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

 

මේ අතර, ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Related posts

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

සජබ රැළිය හෙට

Mohamed Dilsad

Leave a Comment