දේශීය

ඉන්දියානු මුදල් ලංකාව තුළ භාවිත කිරීමට යයි

ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස ඉන්දීය මුදල් භාවිතයට අවසර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයේදී පැමිණි එකඟතා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අද (22) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

ඉන්දීය සංචාරයේදී දෙරට අතර ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට ද එළඹුණු බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

 

මීට අමතරව ත්‍රිකුණාමලය, කොළඹ සහ දකුණු ඉන්දියානු වරායන් අතර සම්බන්ධතාවය ඇති කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද ප්‍රධාන වශයෙන් එහිදී දෙපාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,

 

“ලංකාව ඊළඟ ස්ථරයට යන්න නම් ආයෝජන අවශ්‍යයි. එහිදී රජයන් අතර පමණක් නෙමෙයි පෞද්ගලික අංශ අතරත් එකඟතා ඇති කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා. ”

 

“ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස ඉන්දියන් රුපියල භාවිත කිරීමේ හැකියාව පිළිබඳව සලකාබලලා තියෙනවා.”

 

“ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීම. ඉන්දීය විශ්වවිද්‍යාල ලංකාවේ නිර්මාණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා.”

 

Related posts

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට නියෝගයක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට අද දිනයේ දී වැසි වාර කීපයක්

Mohamed Dilsad

Leave a Comment