දේශීය

තලවතුගොඩදී වෙඩිවැදුණු පුද්ගලයා මරුට

තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (20) රාත්‍රියේ අදාළ ප්‍රදේශයේ නිවසක රැඳී සිටි අයෙකුට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

වෙඩිවැදීමෙන් තුවාල ලැබු 41 හැවිරිදි පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

 

වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

Related posts

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

Mohamed Dilsad

ළමා අපයෝජනයට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් මතුවීමේ අවදානමක් – උපුල් රෝහණ

Mohamed Dilsad

Leave a Comment