දේශීය

තවත් බස් රථ අනතුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

අද (18) උදෑසන බස් රථයක් බෑවුමකට පෙරළී ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

 

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

Related posts

කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

මැනිං වෙළඳපොලේ කප්පම් ගත් 05 දෙනෙකු CCD අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment