ක්‍රීඩාදේශීය

තවත් ශූරයින් පිරිසක් දිවයිනට

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ දී ජයග්‍රහණය ලබා ගනිමින් රටට කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියහ.

 

මෙම තරගාවලිය මේ මස 10 වනදා සිට 17 වනදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණි.

 

ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 72ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගි වී තිබේ.

 

එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනාගැනීමට සමත්විය.‍

 

ඒ අනුව, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන මලීෂ දිල්ෂාන් කනිෂ්ඨ අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

 

එසේම සංජානා වෙදආරච්චි ක්‍රීඩිකාව ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ යන අංශ දෙකෙන්ම ලෝකඩ පදක්කම් 02ක් දිනා ගෙන තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ චින්තන විදානගේ සහ කමල් එගොඩවත්ත ක්‍රීඩකයින් දෙදෙනා රිදී පදක්කම බැගින් දිනාගැනීමට වූ අතර ඉන්දික දිසානායක ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අයේෂි සුරංගි ක්‍රීඩිකාව ද රිදී පදක්කමක් තබා ගැනීමට සමත්ව තිබුණි.

 

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අංජු මිනුවන්දන ක්‍රීඩකයා ලෝකඩ පදක්කමක් ලබා ගැනීමට සමත්ව තිබුණි.

Related posts

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

Mohamed Dilsad

ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය ජනවාරි මුල

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

Mohamed Dilsad

Leave a Comment