දේශීය

මෙරට හීලෑ අලි-ඇතුන් ගැන විශේෂ ආරංචියක්

ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.

 

එහි ලේකම් දම්සිරි බණඩාර කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ, අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත ස්ථාන ඇති කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ය.

 

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ තිබෙන රෝහලේ උපකරණ හැර වෙනත් විශේෂිත ස්ථානයක් අලි ඇතුන්ගේ ප්‍රතිකාර සඳහා මෙරට නොමැති බව එම සංගමයේ අදහසයි.

 

ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය වැනි රටවල අලි ඇතුන් සඳහා වෙනම රෝහල් සහ අනෙක් පහසුකම් පවතින බවත් විවිධ රෝග සඳහා මෙනම විවිධ ශල්‍යකර්ම සඳහා ද උපකරණ ශල්‍යාගාර ආදිය සකස්කර ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.

Related posts

හෙට සිට ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

රෝසි CIDයට

Mohamed Dilsad

කැළණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment