දේශීය

බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි

පාලන මිලක් නියම කර තිබුණ ද දේශීය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීමට අපහසු වී ඇති බව වාර්තා වෙයි.

 

සුදු බිත්තර සඳහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රුපියල් 48ක පාලන මිලක් මේ වනවිටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

කෙසේවෙතත් ඊයේ (06) දිනය වනවිට ඇතැම් වෙළෙඳසැල්වල බිත්තර රුපියල් 60ක් වැනි අධික මුදලකට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් පෙන්වා දෙයි.

 

බිත්තර සඳහා පාලන මිලක් පැනවීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය විසින් අඛණ්ඩව වැටලීම් සිදුකළ අතර ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ බිත්තර හිඟයක් ද ඇතිවිය.

 

පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගැනීමත් සමග යළිත් වරක් දේශීය බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරිමට තොඟ ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබුණි.

 

ආනයනික බිත්තර බේකරි සඳහා පමණක් ලබාදීමට තීරණය කිරීමත් සමඟ මේ වනවිට යළිත් වරක් වෙළෙඳපොළ තුළ බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වෙයි.

 

ආනයනික බිත්තර දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තේ නම් දේශීය බිත්තර මෙලෙස අධික මිල ගණන් යටතේ අලෙවි නොකෙරෙන බවද සඳහන් ය.

 

එමෙන්ම පාලන මිල පනවා මාස කිහිපයක් ගතවීම හේතුවෙන් ද මෙලෙස බිත්තර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

 

පාලන මිලක් නියම කරනු ලබන්නේ උපරිම මාස තුනක් සඳහා පමණ වන අතර එම කාලය ඉක්මවා යාමත් සමඟ පාලන මිල නියම කරනු ලැබු භාණ්ඩයේ මිලද ඉහළ යනු ලබයි.

 

කෙසේවෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ වැඩිමිලට බිත්තර අලෙවිකරන ව්‍යාපාරිකයින් සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරන බවය.

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

කොරෝනා නීති උල්ලංඝනය කළ ගුරුවරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment