දේශීය

මූල්‍ය වංචාවකට පුද්ගලයකු අත්අඩංගුවට

ව්‍යාජ ඔප්පු මඟින් ඉඩම් දෙකක් පවරා ගැනීමේ සිද්ධීන් දෙකකට හා ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15ක් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවකු පෙරේදා (27) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු වයස අවුරුදු 72ක මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ නිවසේ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍රයක්, රියදුරු බලපත්‍ර 11ක් ජාතික හැඳුනුම්පත් 04ක්, විවිධ පොලිස් ස්ථාන, අධිකරණ, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල, විවිධ පාසල් හා බන්ධනාගාර, විවිධ බැංකු, තක්සේරු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, විවිධ විදුහල්පතිවරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ගේ, විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ, ග්‍රාම නිලධාරින්ගේ, වෛද්‍යවරුන්ගේ හා දුම්රිය සේවය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාජ නිල මුද්‍රා 300කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

 

සැකකරු 28 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ බව වාර්තා වෙයි.

 

කොළඹ වංචා විමර්ශන කාර්‍යාංශය හා පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

අසාද් සාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් – නීතිපති

Mohamed Dilsad

ජනාධිපති අරමුදලේ සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්

Editor O

ගෑස් අදත් හෙටත් නැහැ – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment