ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම සංගමයේ කටයුතු තාවකාලිකව තවදුරටත් සිදුකරගෙන යාම සඳහා 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

 

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා එහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත් කිරීම, නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සිදුකිරීමට බලය පවරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

නවසීලන්තය ට තියුණු ජයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment