දේශීය

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී සිදුවූ පුද්ගල ඝාතනයක් වාර්තා වී තිබේ.

 

පහර කෑ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

 

මරණකරු වයස අවුරුදු 64ක කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු සිය නිවස ආසන්නයේ වී මෝලක රැඳී සිට ඇති අතර, එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු පෞද්ගලික ආරවුලක් මත මරණකරුගේ හිසට උදැල්ලකින් පහර දී ඇති බව වාර්තා වෙයි.

 

පසුව ප්‍රදේශවාසින් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවත් පසුව ඔහු මියගිය බවත් සඳහන්ය.

 

පහරදීමට සම්බන්ධ සැකකරුවන්ගේ බවට අනාවරණය වූ ජංගම දුරකථන 02ක් අදාළ ස්ථානයේ තිබී පොලීසිය භාරයට ගෙන ඇත.

 

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා කැබිතොගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related posts

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

Mohamed Dilsad

වැඩි මිලට බිත්තර වික්කොත් දඩ නියම වෙන හැටි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment