දේශීය

බදු ගැටලු විසඳීමට විශේෂිත අධිකරණයක් යෝජනා කරයි

බදු අය කරගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 

එම යෝජනාවලිය බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂිත කරුණු රැසකින් සමන්විත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.‍

 

රාජ්‍ය ආදායම වැඩිකිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක් බවත්, එසේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙහිලා බදු අය කරගැනීම විධිමත්ව සිදුකිරීම තීරණාත්මක වන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව මේ වනවිටත් බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දින 14ක් ඇතුළත අදාළ මුදල් ගෙවන ලෙස විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බවද සඳහන් කළේය.

 

තවමත් මෙරට පවතින්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක් බවත් එම ක්‍රමය ද ඉතා ඉක්මණින් සංශෝධනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළ කර සිටියේය

Related posts

මහපොළ ශිෂ්‍යාධාර ⁣අඛණ්ඩව ලබාදීමට අනුමැතිය

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ

Mohamed Dilsad

Leave a Comment