දේශීය

ශ්‍රීලන්කන් ගුවන් යානයක් යළි කටුනායකට

කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි පැමිණ තිබේ.

 

එම ගුවන් යානය අද (28) රාත්‍රී 08.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව ගොස් තිබුණි.

 

ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් ගුවන් නියමුවා විසින් පැය 2යි විනාඩි 25කට පසුව යළි රාත්‍රී 10.45 වන විට කටුනායක ගුවන් තොටුපොළ වෙත යානය ගොඩබැස්වීමට පියවර ගෙන තිබේ.

 

ගුවන් යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙකු සිට ඇත.

Related posts

ආනමඩුව රථවාහන පොලිස් ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

Mohamed Dilsad

ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

Mohamed Dilsad

දුම්රිය කිහිපයක ගමන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment