දේශීය

ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් ලැබෙන මුදල මෙන්න

මේ දිනවල වාර්තාවන අපරාධ රැසකට නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සංසරණය ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ඒවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීමට පොලීසිය තීරණය ඇති බව වාර්තා වෙයි.

 

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ලබාදුන් උපදෙස් මත පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් සඳහා සහාය වන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකිරීමට තීරණය කර තිබේ.

 

එහි මූලික පියවර වශයෙන් අද (25) දිනයේ සිට ලබන මස 31 වන දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකර තිබේ.

 

ටී 56 ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 250,000ක මුදලක් ත්‍යාග ලෙස පොලිස් නිලධාරියා ට ලබාදීමට නියමිත අතර එහිදී පුද්ගලික ඔත්තුකරුට ද රුපියල් 250,000ක මුදලක් ලබාදීමට නියමිතය.

 

සැකකරුවෙකු නොමැතිව ගිනිඅවියක් පමණක් අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාදෙන අතර එහිදී පුද්ගලික ඔත්තුකරුට රුපියල් 250,000ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

 

මේ ආකාරයට විවිධ වර්ගයේ තුවක්කු පතොරම් සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලදී ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයි

Mohamed Dilsad

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment