දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අධිකරණය දුන් නියෝගය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි මස 26 වනදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

 

සමගි ජනබලවේග පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ගොනු කළ එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇත.

 

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ සලකා බැලීම මීළඟ නඩු දිනයේ සිදුකරන බව අධිකරණය දැනුම් දී තිබේ.

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත් ධීවරයින්, සංචාරක කර්මාන්තකරුවන්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 07 කට ආසන්න වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම එහි දේශීය නියෝජිත සමාගම ඇතුළු සමාගම් කීපයක් නම් කර ඇත.

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර -මහබැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment