දේශීය

සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

එම විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් පසුව මෙම අතුරු නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

 

පෙත්සමේ වගඋත්තරකරුවන් සෙල මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

මෙම විහාරය කඩාදැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

Related posts

පොලිසියෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

බස්නාහිර පොලිස් නිළධාරින් 412 ක් නිරෝධායනයට

Mohamed Dilsad

ලංවිම වත්කම් සමාගම් 6කට පැවරීම ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment