දේශීය

ජනපතිගෙන් කාලරාමුවක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ලන්ඩන් හිදී පැවැති ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ 40 වන සංවත්සර උත්සව අවස්ථාව අතරතුර ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

 

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩන් නුවර පැවති එම සංගමයේ වාර්ෂික සංසදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

 

 

Related posts

ඉන්ධන සැපයුමට රුසියාවේ සහය ලංකාවාට

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

Mohamed Dilsad

රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment