ක්‍රීඩාවිදෙස්

අමෙරිකාවට තවත් පරාජයක්

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ අමෙරිකාවට එරෙහි පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

 

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දු ඕවර 43 යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 214ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

 

අගනා පිතිහරඹයක නිරත වූ නායක Scott Edwards නොදැවී ලකුණු 67ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන ගියේය.

 

ඔහුට අගනා සහායක් ලබාදුන් Teja Nidamanuru ලකුණු 58ක් රැස්කරගත්තේය.

 

Jessy Singh අමෙරිකාව වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය.

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 211කි.

Related posts

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදින් දෙදෙනෙකුට හිමිවේ

Mohamed Dilsad

මාලිංග ගැන සහ වේග පන්දුයවන්නන් ගැන හතුරු කියන කතාව

Mohamed Dilsad

Leave a Comment