දේශීය

හෝමාගම වෙඩිතැබීමක්

හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

 

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවසේ සිටියදී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය.

 

වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

මියගොස් ඇත්තේ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

 

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ගැසට් නිවේදනයක්

Editor O

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කුවේටයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment