ව්‍යාපාරික

මෙරට ටුනා මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර

(උදයම්,කොළඹ)  –  බලයන් හා තළපත් ධීවර කර්මාන්තයේ ජීව විද්‍යාත්මක හා පාරිසරික තත්ත්වයන් සුරක්ෂිතතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අද (18) උදෑසන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයන සංගමයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබේ.ඒ මෙරට ටුනා මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුනිණි.
සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය හෙට(19) දිනයේ ඉවත් වෙන බවත් එහි වැඩිම ප්‍රතිලාභ ධීවර ප්‍රජාවට හිමි වන බවත්ය.
කෙසේ වෙතත්  ජී.එස්.පී. ප්ලස් සහනය නියමාකාරයෙන් ලැබීම තුළ අපනයනය ඉහළ යන බවත් එහිදී මාළු මිල ඉහළ යාමේ අවධානමක් පවතින නමුත් ආනයනික මාළු සඳහා ඇති බදු සහනය අඩු කිරීමට කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති බැවින් එම තත්ත්වය පාලනය කර ගත හැකි වෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පහසුකම් රැසකින් සමන්විත ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

තෙල් මිල ගැන සිපෙට්කෝ වෙතින් ප‍්‍රකාශයක්

Editor O

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප දෙසැම්බර් වනතුරු

Mohamed Dilsad

Leave a Comment