දේශීය

පොලිස් වෙඩිතැබීමක්

අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

 

ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමේදී එක් අයෙකු පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා විසින් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කර තිබේ.

 

එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් අදාළ සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

 

පසුව පළාගිය සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ටී56 වර්ගයේ උණ්ඩ 105ක් සොයාගෙන තිබේ.

 

 

Related posts

5000 දීමනාව ලබාදීම යළිත් හෙට සිට

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment