දේශීය

පොලිස් වෙඩිතැබීමක්

අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

 

ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමේදී එක් අයෙකු පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා විසින් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කර තිබේ.

 

එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් අදාළ සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

 

පසුව පළාගිය සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ටී56 වර්ගයේ උණ්ඩ 105ක් සොයාගෙන තිබේ.

 

 

Related posts

රැකියාවන් සඳාහා පැමිණීමට හෙට සිට දුම්රිය වාර සංඛ්‍යාව වැඩි කරයි

Mohamed Dilsad

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

මාලිමා, නිලුපුල්⁣ගේ මඩ බලකාය වියරු වැටී, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ගැන අසත්‍ය ප්‍රචාර පතුරවයි….

Editor O

Leave a Comment