දේශීය

සා පෙළ විභාග වංචා තුනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇති බවය.

 

එමෙන්ම හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයේදී අකටයුතුකම් වාර්තා වී තිබේ.

 

අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමට යාමේදී නිරීක්ෂකවරයා විසින් සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.

 

එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේය.

Related posts

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලාංකීය ධීවර යාත්‍රාව…

Mohamed Dilsad

IMF දෙවන වාරිකය ලැබෙන හැටි පැහැදිලි කරයි

Mohamed Dilsad

කොරෝනා යැයි සැකයෙන් අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment