විදෙස්

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ හෙඩ්සෙට් එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ.

 

“Apple Vision Pro” ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර 10කින් පමණ නිපදවූ පළමු ප්‍රධාන උපාංගය ලෙස සැලකෙයි.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් පැවසුවේ නව උපාංගය මගින් යතාර්ථ ලෝකය සහ අථත්ය (virtual) ලෝකය අතර හොඳින් මිශ්‍ර කෙරෙන බවය.

 

පැය දෙකක් පමණ කාලයක් එහි බැටරිය ක්‍රියාත්මකව පවතින අතර එහි මිල ඩොලර් 3,499කි.

 

ලබන වසර වනවිට එය අමෙරිකාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කෙරේ.

Related posts

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

චීන ජනාධිපතිව හරසරින් පිළිගත් උතුරු කොරියානු නායකයා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

Leave a Comment