දේශීය

කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක් ගනී

කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

 

පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර එම තත්ත්වය මේ දක්වාත් පවතී.

 

මෙම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බව සඳහන්ය.

 

කෙසේ වෙතත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත් සිදුකළ නොහැකි අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

 

මේ අතර ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

 

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවය.

Related posts

බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ට කොරියානු අධාර

Editor O

ඉන්දීය ජාතිකයින් පිරිසක් සිය මව්රට වෙත

Mohamed Dilsad

විමල් වීරවංශ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

Editor O

Leave a Comment