දේශීය

අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුජා නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ අනාරක්ෂිත ස්ථානවල දියනෑම වැළැක්වීම සඳහාද අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන බවය.

 

මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන ගමන්කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද විශේෂ පරික්ෂා කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

මේ අතර පුජා නගරය ආශ්‍රිත කසළ බැහැර කිරීමේදී විධිමත් පරිදි එම කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසද අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

 

මේ අතර පොසොන් පොහොය නිමිත්තනේ අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව සඳහා අදත් විශේෂ දුම්රිය දෙකක් ධාවන කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී ගමනාගමන එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ බැතිමතුන්ට යළි පැමිණීම සඳහා ද විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවය.

Related posts

රජයෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වේ[PHOTOS]

Mohamed Dilsad

හිමි නමකගේ පහර දීමකින් සිසුවෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment