දේශීය

ජනපති යළි දිවයිනට

සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

 

ඊයේ (27) රාත්‍රී මැලේසියාවේ ක්වාලාලාම්පූර්නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

 

පසුගිය අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගියේය.

 

ජපාන සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

 

එමෙන්ම එරට සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමු කිහිපයකටද එක් වූ ජනාධිපතිවරයා නව තාක්ෂණය මෙරටට යොදාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

 

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාම සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන්ද මුණ ගැසී සාකච්ඡා කළේය.

Related posts

අයහපත් කාළගුණයත් සමග ජලාශ 05ක වාන් දොරටු විවෘත කරයි

Mohamed Dilsad

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

ආණ්ඩුවේ දේශපාලන ක්‍රියකාරිකයෙක් අත්අඩංගුවට ගත්තොත්, පොලිස් ප්‍රධානියාට ස්ථාන මාරුවක් – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment