දේශීය

අග්බෝපුර දුම්රිය මාර්ගය යථාතත්වයට

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය තව පැය 04කින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරට පත් වූ දුම්රිය මේවන විට පීලිගත කර අවසන් බවය.

 

අද දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.

 

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ මැදිරි 04කින් යුත් දුම්රියක් ඊයේ (07) දහවල් පීළි පැනීමක් හේතුවෙන් අනතුරට ලක්විය.

 

එහිදී පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.

 

මෙම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇත.

 

Related posts

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

Mohamed Dilsad

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක්

Mohamed Dilsad

වැලිසර කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment