දේශීය

කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

 

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

 

එම නිසා අද (08) දහවල් 12:12 ට බෙම්මුල්ල, තිහාරිය, පුපුරැස්ස, තෙරිපැහැ, වඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

Related posts

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

මුදල් ඇමති රනිල්

Mohamed Dilsad

Leave a Comment