දේශීය

මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

පෙරවරු 9.30 පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

 

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වන විට හිමිව තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය අද හෝ හෙට (23) දිනය ඇතුළත මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිතය.

Related posts

ක්‍රිප්ටෝ ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට මහ බැංකුවේ අවධානය

Editor O

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

Mohamed Dilsad

සජබයෙන් පිරිසක් එජාපයට?

Mohamed Dilsad

Leave a Comment