දේශීය

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙක් ව ඝාතනය කළ සැකකරු අල්ලයි

කාන්තාවන් තිදෙනෙකු ගෙලසිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද රන්මාලයක්, කරාබු ජෝඩු 03ක්, ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මතුගම, කළුතර සහ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණ වලද නඩු පවතින බව අනාවරණය වී ඇත.

 

 

Related posts

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

Mohamed Dilsad

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අන්තර්ජාතික ගුවන් කටයුතු සඳහා මත්තල සහ රත්මලාන සූදානමින්

Mohamed Dilsad

Leave a Comment