දේශීය

ශ්‍රී පාදය ආශ්‍රිත වෙළෙඳසැල්වල ආහාර සාම්පල බොරැල්ල ට

ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත වෙළෙඳසැල්වලින් ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළ බවය.

 

රෝගය වැළඳුණු කාන්තාවක් රත්නපුර මහ රෝහලේදී පසුගියදා මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුවිය.

 

උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය.

 

ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර ආහාර සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබුණි.

 

වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළේ මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වැඩිකෙරේ

Mohamed Dilsad

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය

Mohamed Dilsad

ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment