දේශීය

ඉන්දීය බිත්තර හෙට ?

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවය.

 

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කරනු ලැබීය.

 

රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව සඳහන් කළේ අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව ඇති බවය.

 

රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට එම බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

මේ සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණි.

 

 

Related posts

සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තැබීම ප්‍රතික්ෂේප කරලා

Mohamed Dilsad

රවී ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

හර්තාලයට තැපෑල ත් සහය

Mohamed Dilsad

Leave a Comment