දේශීය

පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය ගැන අධිකරණ නියෝගය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන නිදොස් කොට නිදහස් කිරීමේ මහාධිකරණ තීරණයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවකදී අදාළ චූදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබුණි.

 

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමෙන් පසු එය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

ඒ අනුව පෙත්සම් විභාගය ජුලි මස 4 වනදා ආරම්භ කිරීමට නියමිතය.

 

 

Related posts

පාස්කු ඉරිදා ආරක්ෂාවට පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක බලඇණියක්

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනතාවගේ කරපිටින් බලයට පැමිණි ආණ්ඩුව, ජනවරම පාවා දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment